මේ වන විට නිරෝධායනයට ලක් වෙමින් සිටින ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු දාහතර දෙනා ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා උසාවියට අපහාස කර ඇති අතර ඔහු මුහුණු ආවරණයකින් තොරව "YouTube" නාළිකාවක වැඩ සටහනකට සහභාගී වෙමින් නිරෝධායන නීති කඩ කර ඇති බව ජන්දිමාල ජයසිංහ මහතාගේ නීතීඥයෝ පෙන්වා දෙති.
චමුදිත සමරවික්‍රම මහතා අධිකරණය විවේචනය කරමින් ඊට අපහාස කර ඇති අතර ඔහු මුහුණු ආවරණයක් නොමැතිව අදාළ "YouTube" නාළිකාවේ වැඩ සටහනට සහභාගී වෙමින් නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති නිසා ඔහුට ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව එම නීතීඥයෝ පෙන්වා දෙති.
එම නීතීඥවරුන් මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසියට සහ රහස් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර මහා ජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත ද ලිඛිතව කරුණු වාර්තා කර තිබේ.
Lanka Newsweek © 2026